2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යාලෝක විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ජනාධිපතිතුමා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක් විය.
ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.