ති‍්‍රවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ නර්තන කණ්ඩායම් ජනපතිගේ ඇගයීමට

ති‍්‍රවිධ හමුදාවේ,  පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ නර්තන කණ්ඩායම් ඊයේ (23) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් විය.

ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ඔවුන් සමග සුහද හමුවකට එක්වූ ජනාධිපතිතුමා එම ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් ඇගයීම් සහතික ද පිළිගැන්වීය.

රාජ්‍ය උත්සව වර්ණවත් සහ සාර්ථක කර ගැනීමට මෙම නර්තන කණ්ඩායම් ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් සිය සුභාශීංසන පිළිගැන්වීය.

පළමු වතාවට ජනාධිපති මන්දිරයේ දී මෙවන් හමුවක් සංවිධානය කිරීම පිළිබඳ එම ශිල්පීන්ගේ ගෞරවය ජනාධිපතිතුමා වෙත පුද කෙරිණි.

අනතුරුව සියලුදෙනා වෙනුවෙන් රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද සංවිධානය කර තිබිණි.

මින් අනතුරුව මහවැලි සංහිඳියාවේ ග‍්‍රන්ථය, 95න් පසු මහවැලි, පොළොන්නරුව ශාස්ති‍්‍රය පර්යේෂණාත්මක කෘතිය සහ “Moragahakanda Dream Reservoir” ග‍්‍රන්ථ සම්පාදක මණ්ඩල සමඟ ද ජනාධිපතිතුමා හමුවකට එක්විය.

Share This Post

NEW