තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් ජනපති ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යයි

තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් ජනපති ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යයි

රාජ්‍ය සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් ශී‍්‍ර ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (23) දහවල් ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේය.

මීට පෙර 1954 වසරේදී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහතා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් මත එහි නිල සංචාරයක නිරත වුවද නිදහස් ශී‍්‍ර ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මීට පෙර රාජ්‍ය නායක මට්ටමේ සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් නිල ඇරයුම් ලැබී නොතිබුණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ගෙන යනු ලබන මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් ජනාධිපතිතුමා වෙත මෙම සංචාරය සඳහා ආරාධනා ලැබී තිබෙන අතර ඔස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර දශක හතක් තිස්සේ පවතින ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි.

සිය තෙදින සංචාරය තුළදී ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සමග මෙන්ම ඉහළ පෙළේ නියෝජිත පිිරිසක් සමග ජනාධිපතිතුමා ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවත්වීමට නියමිත අතර ඔස්ටේ‍්‍රලියා ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමත්, ශී‍්‍ර ලංකාවට වාසි සහගත ලෙස ද්විපාර්ශ්වික වෙළෙඳාම වර්ධනය කර ගැනීම පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරේ.

එමෙන්ම දෙරට අතර ද්විපර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා වන ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිතය.

හෙට පෙරවරුවේ ඔස්ටේ‍්‍රලියාවට ළඟාවන ජනාධිපතිතුමා හෙට පෙරවරුවේම කැන්බරා නුවර පැවැත්වෙන වැඩසටහන් රැසකට එක්වනු ඇත.

අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පා.ම හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.

Share This Post

NEW