රොනී ලීච් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

රොනී ලීච් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වී ය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (11) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ බිරිඳ, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත මෙන්ම රසික රසිකාවියන් වෙත ද සිය සාතිශය සංවේගය පළ කළේ ය.

Share This Post

NEW