ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයට ජනපති පුෂ්පෝපහාර

ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයට ජනපති පුෂ්පෝපහාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (02) පස්වරුවේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා අද පස්වරුවේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර පුද කළේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් විය.

පිළිරුව අභියස රැස්ව සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද  කථා බහක  නිරත වූයේය.

Share This Post