රොකට්ටුවක් නිර්මාණය කරන ලද ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවා ජනපති හමුවෙයි

රොකට්ටුවක් නිර්මාණය කරන ලද ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවා ජනපති හමුවෙයි

රොකට්ටුවක් නිර්මාණය කරන ලද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

මේ වනවිට රොකට්ටුවේ ප‍්‍රගතිය පිළිබඳව සහ ඉදිරි සැලසුම් පිළිබඳව කෙටි වාර්තාමය වැඩසටහන් ද ජනාධිපතිතුමා වෙත මෙහි දී ඉදිරිපත් කෙරුණු අතර අවශ්‍ය සහය ඉදිරියටත් ලබාදෙන බව මෙහි දී ජනාධිපතිතුමා සහතික විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරු උළෙල ට සමගාමී ව පැවති ප‍්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එම සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම ඉකුත් ඔක්තෝබර් මස දී සිදුවිය.

රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා මින් පෙර දී ගුවන් හමුදා තාක්ෂණික නිලධාරීන් වෙත ද උපදෙස් ලබා දී තිබිණ.

මේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, එයාර් වයිස් මාර්ෂල් එම්.ඞී. රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share This Post

NEW