ජනපති අත්සන සහ ලිපි ශීර්ෂ වංචනික ලෙස භාවිත කළ අයකු අත්අඩංගුවට

ජනපති අත්සන සහ ලිපි ශීර්ෂ වංචනික ලෙස භාවිත කළ  අයකු අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සන සහ ලිපි ශීර්ෂ වංචනික ලෙස භාවිත කළ අයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අංක 531, සුන්දරාපොළ පාර, යන්තන්පලාව, කුරුණෑගල ලිපිනයේ පදිංචි ඊ.එම්.පී.ඒ. කුමාර නමැත්තෙකි. වැඩ තහනමට ලක්ව සිටි ඔහු වැටුප්, දීමනා සහ උසස්වීම් සමග යළි සේවයේ පිහිටුවන ලෙස සඳහන් කරමන් ජනාධිපතිතුමාගේ ලිපි ශීර්ෂයක, එතුමාගේ අත්සන සහිතව ලියු ලිපියක් ලංකා බැංකුවේ සභාපතිවරයාට යොමු කර තිබේ.

එය ව්‍යාජ එකක් බව තහවුරුවීමෙන් පසු කුමාර නමැත්තා බැංකු මූලස්ථානය වෙත කැඳවීමෙන් අනතුරුව ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබිණි. ලිපි ලේඛන සකස් කිරිමට යොදාගත් ලැප්ටොප් පරිගණකය සහ සෙසු උපාංග ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Share This Post