වතුරෙන් ආපදාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තොරතුරු සොයා බැලීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (23) පස්වරුවේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ද නිරීක්ෂණ කළේය.
එහිදී භාණ්ඩවල මිල ගණන් සහ තත්ත්වය ජනාධිපතිතුමාගේ අධීක්ෂනයට ලක් විය.
ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාව හමු වූ එතුමා ආර්ථික මධ්‍යස්ථානයේ අඩු පාඩු සොයා බැලීය.
ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව සහ පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.
