සහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව දිගටම

සහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව දිගටම

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රි ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර ඇත.

පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කළේය.

ඊයේ සහ අද කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක් විය. පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳසැල් 512ක් හඳුනාගත් බව පොලිසිය නිවේදනය කරයි.

අද හඳුනාගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරනු ලැබීය. කලින් දවසේ හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කොට ඔවුනට අවවාද කෙරිණි.

Share This Post