Month: November 2019

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. එම නාම ලේඛනය පහත පරිදි වේ.     අමාත්‍යාංශ ලේකම්වරු අමාත්‍යාංශය 1 පි. බි. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් 2 මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශය 3 එස්. ආර්. ආටිගල මහතා…

නව රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු  ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර පහත පරිදි වේ 1 චමල් රාජපක්ෂ මහතා – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 2 වාසුදේව නානායක්කාර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය 3 ගාමිණි ලොකුගේ මහතා –…

සමෘද්ධිමත් සහ විනයගරුක රටක් පිළිබද සමස්ථ ජනතාව අද අපේක්ෂා දල්වාගෙන සිටින බව අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ පවසති

” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]

එක්සත් ජනපද හා ජපාන තානාපතිවරු ජනාධිපතිවරයා හමුවිය

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලිනා බී. ටිප්ලිට්ස් අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. තානාපතිවරයා සමඟ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මාටින් කෙලී සහ දේශපාලන නිලධාරි ප්‍රධානී ඇන්තනි රෙන්සුලි යන මහත්වරු සහභාගී වූහ. දෙපාර්ශ්වයම සුහද සාකච්ඡාවක නිරත වූහ. ජපානයේ තානාපති සුගියාමා අකිරා ද සුහද සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම සාකච්ඡාවට නියෝජ්‍ය දූත…

නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජ‍යේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ. ඒ අනුව මෙලෙස දිවුරුම් දෙනු ලැබු නව අමාත්‍ය මණ්ඩලය වන්නේ, 01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය 02. නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ,…

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.   සිය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම…

නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති. ඒ අනුව, 1. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර –  වෛද්‍ය සීතා අරඹේපොල 2. මධ්‍යම පළාත් ආණ්ඩුකාර –  ලලිත් යූ ගමගේ 3. ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ 4. දකුණු පළාත් ආණ්ඩුකාර – ආචාර්ය විලි ගමගේ 5. වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ. ජේ. එම්. මුසම්මිල් 6. සබරගමු…

යාවත්කාලීන කිරීම: ජනාධිපති දලදා මාලිගාවා වෙත ගොස් මහා සංගාගේ ආශිර්වාද ලබාගනි

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාම්ප්‍රදායික ලෙස අද දින දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කටයුතු කරන ලදි. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු විසින් එතුමා පිළිගන්නා ලදි. ජනාධිපතිතුමා මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මෙන්ම රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති මුණගැසෙයි

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශන්කර් අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුනි. එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිතුමාට ඉන්දීය සංචාරයකට ආරාධනා කෙළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ආචාර්ය එස්.ජයශන්කර් මහතා අද දින පිළිගැනීම සතුටට කරුණක් බවත්, එහිදී ජනපති ලෙස ප්‍රථම සංචාරය සඳහා ආරාධනා ලැබුණු බවත් එමඟින් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා කලාපීය…

නව ලේකම්වරු තිදෙනෙක්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (19) දින පෙරවරුවේ නව ලේකම්වරු තිදෙනෙක් පත්කරන ලදි. ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර ද ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද මෙලෙස පත් කෙරුණි. තවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති එස්.ආර්.ආටිගල මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ද පත් කෙරුණි. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]