Month: January 2020

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ලක්සම්බර්ග් විදේශ ඇමති ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත  ලක්සම්බර්ග් විදේශ ඇමති Jean Asselbornමහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. දෙරටේ සබඳතා තර කර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ආගන්තුක ඇමතිවරයා දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බව  පැවසීය. පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන…

කොරෝනා වෛරසය මර්ධනය කළහැකි  බටහිර හා දේශීය ප්‍රතිකාර  ගැන සොයා බලන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමග අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ උපදෙස් දෙනු ලැබීය. කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු…

ලෝක බැංකුව – ශ්‍රී ලංකාව නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගනී

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේදැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී. පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව ඒ අතර වෙයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer  මහතා අද (31) ජනාධිපති…

ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන  ක්‍රියාදාමයට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

උපාධි සහ ඒ හා සමාන උසස් ජාතික ඩිප්ලෝමාධාරින්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබාදිමට අවශ්‍ය සියලු තොරතුරු රැස්කර අවසන්ව තිබේ. මූල්‍ය ප්‍රතිපාදන  සැලසීමේ ක්‍රියාවලිය ද සිදු වෙමින් පවතී. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණයි. පොරොන්දු වූ පරිදි පනස් තුන්දහසකට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදිම මාර්තු 01 වනදා  ඇරඹේ.…

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම ඇරඹේ

ගුවන් ටිකට්පත් සඳහා 50% ක වට්ටමක් …. පැමිණි සිසුන් අඛණ්ඩ වෛද්‍ය පරීක්ෂණවලට … සෞඛ්‍ය කාර්ය සාධක බලකාය අද රැස් වෙයි … ඉදිරි පියවර පිළිබඳ තීරණ රැසක් එහිදී … චීනයෙන් එන ගුවන් මගීන්ට පිටවීමට වෙනම පර්යන්තයක් .. චීනයේ  වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම ඇරඹී ඇත. ටියැංජින් (Tianjin) සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව…

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට  කඩිනම් මෙහෙයුමක්

• ප්‍රථම කණ්ඩායම ඉදිරි පැය 48 ඇතුළත එයි. කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ. මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති…

සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇත. කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල්-කාබි මහතා (Saad Sherida Al Kaabi) අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී…

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහාම වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන “ආයති ජාතික මධ්‍යස්ථානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (25) පෙරවරුවේ විවෘත කෙරිණ. ආබාධිතභාවය  ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (එනම් 20% ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත. කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන්…

වීරකැටිය නිවසේ දානමය පිංකමට ජනපති එක් වෙයි

මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක් විෂයෙහි සංවිධානය කෙරුණු මහා සංඝගත දක්ෂිණාවක් අද දහවල් වීරකැටිය නිවසේ දී පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීහු ඊට එක්ව සිටියහ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති දානමය පුණ්‍ය කර්මයට සිතුල්පව්ව ‍රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති…

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ ඇරඹේ

අයැදුම්පත් ආකෘතිය ජනවාරි 20 පුවත්පත්වල සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වනදා සිට දින 05 ක් තුළ … තෝරාගත් අයැදුම්කරුවන්ට මාස 06 ක පුහුණුවක් … පුහුණු කාලය තුළ මසකට රු 22,500 ක දීමනාවක් … පුහුණුවෙන් පසු ඔක්තෝබර් 01 වනදා සිට රජයේ ස්ථීර රැකියා … ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග…