Month: February 2020

පොලිස් මළල ක්‍රීඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 83 වන වරට පැවති ක්‍රීඩා උළෙල ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත විය. දින 03 ක් පුරා පැවති ක්‍රීඩා උළෙලට පොලිස් කොට්ඨාස 60ක් නියෝජනය කරමින් හාරදහසකට අධික  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ. ආරක්ෂක…

ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ රාජ්‍ය ආයතනවලට ජනපති අතින් සම්මාන

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වු ආයතන ඇගයීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණ. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2018 වර්ෂයේදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 844ක් ඇගයීමට ලක්කර ඇත. ඉන් තෝරාගත්…

ජන ගැටලු විසඳන්න ජනපති ගමට යයි

ජන ගැටලු විසඳන්න ජනපති ගමට යයි පළමු හමුව ගාල්ල උඩුගම හෝමාදොළ දී … ප්‍රශ්න සමහරකට එසැණ විසඳුම් … ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ. සංඛ්‍යා ලේඛන අනුව…

ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න.

ජනපති අවධාරණය කරයි  ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ උපදෙස් දුන්නේය. අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට  නව සැලසුම් සකස් කිරීමේදී…

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.  

ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සැලසෙන ලෙස  එළවළු මිල පාලනයට කඩිනම් පියවර ගන්න

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. අධික එළවළු මිල ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (24)…

හම්බන්තොට – මත්තල,  කොළඹ  යා කරමින්  දක්ෂිණ අධිවේගයේ අවසන් අදියර ජනතා අයිතියට

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ  සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (23) ජනතා අයිතියට පත් කෙරිණ. ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට…

මහා ශිව රාත්‍රී පණිවුඩය

ලොව පුරා හින්දු ලබ්ධිකයන් උපවාස ශීලය සමාදන් වී මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සලකුණු කරන මහා ශිව රාත්‍රී දින උළෙලට පේවී සිටිනශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන් සමඟ මම ද සතුටින් එක්වෙමි. හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවවලින් එකක් වන මහා ශිව රාත්‍රිය පුරා සිදුකරන අනේකවිධ ආගමානුකූල ක්‍රියාකාරකම් තුළින් මිනිසා තුළ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික…

සමෘද්ධි නිලධාරීන්ට ස්ථීර පත්වීම් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් මගින් දිළිඳුබව තුරන් කිරීම අරමුණයි

ජනපති පවසයි. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය.  “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන්…

කි.මි ලක්ෂයක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ජනපති අතින් ඇරඹේ

ජනතාවට ප්‍රතිඥා දුන් “සුරක්ෂිත රට” බිහිකිරීමට ඉකුත් තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළා. ත්‍රස්තවාදයට හෝ ආගමික අන්තවාදයට නැවත කිසිදු ඉඩන් නැහැ. ජනපති අවධාරණය කරයි. රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (19) ඇරඹිණ. රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසීමේ…