Month: March 2020

ආයතනිකව හාපෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5 ක  ඝෘජු තැන්පත් කිරීම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ…

ඇඳිරිනීතිය පිළිබඳ නිවේදන

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා…

කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක්

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට…

ඇඳිරිනීතිය පිළිබඳ නිවේදන

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත් වේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන…

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ආයතන හා පුද්ගල  මට්ටමින් ඉහළ දායකත්වයක්

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති. කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය. ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලින්…

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපතිකාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ. විවිධ පුද්ගලයින් හා සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිලි දස දහස ඉක්මවා ලැබෙන අතර, ඉන් බොහොමයකට එම අවස්ථාවේදීම විසඳුම් දීමට කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරයි. මහජන…

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනයයි

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතුය. ජන…

ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා…

සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබෙන පරිත්‍යාග බද්දෙන් නිදහස්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ. අරමුදල සදහා විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විවෘත කර ඇත. ගිණුම් අංකය 85737373 වේ. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවණ.…

මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින  ශ්‍රි ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ  පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ. සෙසු රටවලද මෙම පියවර අනුගමය…