Month: March 2020

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය.

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර…

වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කෙරේ

  වරාය ආශ්‍රිත සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් සහන රැසක් …. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කරයි. ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා…

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ  මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබේ

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ. රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක 011-4354550 / 0114354655   ඔස්සේ ඉදිරිපත් කළ හැකිය. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි…

සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට වගකීම් රැසක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ. අරමුදල ආරම්භ කරමින් ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කළේය. ඒ සදහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් විවෘත කෙරිණ. ගිණුම් අංකය…

ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය  මෙහෙයුම්  බලය ජනාධිපති කාර්ය සාධක බලකායට

ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම්  බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්,  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත.…

මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ. මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා…

මහ බැංකුව වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්නැයි නියම කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ. එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව  ශ්‍රී…

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කෙරේ. උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට, 27 උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය…

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරේ.   කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වේ.   පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට…

ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ

ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට … සහල්සහඑළවළුදිවයිනපුරාබෙදාහැරීමේවිධිමත්යාන්ත්‍රණයක් … මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව … ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව … රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් … සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක් .. වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට … රට තුළ කොරෝනා වෛරසය (COVID- 19)…