Month: March 2020

රට ගැන සිතා සිය වැඩපිළිවෙළට සහය වන්නැයි  සියලු පාර්ශවයන්ගෙන් ජනපති ඉල්ලයි

තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත්…

“මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීමට  ජනපති එක් වෙයි …

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත   “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. 2015 ජනවාරි 8 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතියෙහි අන්තර්ගතය. කෘතිය…

මීළග බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේ දී .

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා M. Shahidul Islam මහතාට නිල වශයෙන් දැනුම් දෙයි. මහලේකම්වරයා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණ. 2018-2020 වසර…

ජනතා කේන්ද්‍රීය ආර්ථික ආකෘතියේ අරමුණ සංවර්ධනය අඩාල වීමෙන්  උද්ගත වී ඇති අභියෝග ජයගැනීම – ජනපති

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා…

හිඟයකට ඉඩ නොතබා යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට  කඩිනමින් සපයන ලෙස ජනපති නියෝග

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට නියෝග කරයි. ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය. පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය…

රැකියා විරහිත උපාධිධාරීන්ට පත්විම් ලිපි බෙදාහැරීම  අවසන් අදියරට

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය. රැකියා ඇයැදුම්පත්…

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති අතට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්…

“තිස් වසරක මහින්දානන්දය” උපහාර උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන්

මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරීම නිමිත්තෙන් අද (01) පස්වරුවේ මහනුවරදී පැවති උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූහ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ මහත්මිය “මා දුටු මහින්දානන්ද” මැයෙන් වූ විශේෂ දේශන කළහ. “තිස්…

ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ජනාධිපතිතුමාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ…

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ  ද සුවදුක් විමසීය. අස්ගිරි මහා නායක හිමියන් සෙත් පිරිත් සජ්ජායනා…