Month: April 2020

අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනපති අවධාරණය කරයි

ප්‍රතිශක්තීකරණවර්ධනයට දේශීය ඖෂධ දායකර ගැනීම පිළිබඳ අධ්‍යයනයක් … පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදන කිරීමට පියවර … ආයතන පවත්වාගෙන යාමට ලබාදි ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේදැයි අවධානය … නිවෙස්වල සිටින ළමුන්ගේ මානසික සුවතාව රකින්න… අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.…

කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසුමට

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා  අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු…

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට අත දෙන්න චීනය සූදානම්

“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”,ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei)  මහතා අද (29) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

ඇඳිරිනීතිය පිළිබඳනවතම නිවේදනය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල     හෙට, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය       මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේතැන්පතු ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝරුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පරිත්‍යාග කළහ. ශ්‍රී ලංකා ගුවන් සේවයේ විධායක සංගමය රුපියල් මිලියනයක් සහ Xiaomi Sri Lanka  Generation Next Communications ආයතනය රුපියල් මිලියන 02 ක් අරමුදලට පරිත්‍යාග කළ…

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමි සහ කාදිනල් හිමිපාණන් සමග ජනපති අදහස් හුවමාරුවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය. කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය…

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ  සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක…

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866ක් දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවයි. මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ. කැළණි රජ මහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපිටිය ශ්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල්…

හෙට රට පුරා ඇඳිරි නීතිය

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28, අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

ජනතාවට සහ රටට සෙත් පතා ජනපති සහභාගීත්වයෙන්  ඓතිහාසික කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනයක්

ජනතාවට සහරටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි. කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිතුමා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ…