Month: April 2020

ඇඳිරි නීතිය පවතින අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට විධිවිධාන

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති

  විපතේදීධෛර්යමත්වීම රටක් උගතයුතු පාඩමක් … විද්‍යුත් මාධ්‍යය උපයෝගී කර ගනිමින් ජාතික වෙසක් උත්සව සැමරුමට පියවර … විහාරස්ථාන සතු, ප්‍රයෝජනයට නොගත් ඉඩම් සංවර්ධනයට සහය වන්නැයි රජයට ඉල්ලීමක් … අවස්ථා දෙකකදී ජනතාව බේරාගත් නායකයෙකු ලෙස ජනපති ඉතිහාසයට එක්වන බව මහා සංඝරත්නය පවසති … සෑම මසකම තුන්වැනි සිකුරාදා හමුවකට ජනපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනා … කොරෝනා වෛරසය මර්දනයට…

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 848 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි. පේරාදෙණිය, ගැටඹේ‍ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ. ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී…

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා  ජනාධිපති කාර්ය සාධක බලකායක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ. ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා  සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය…

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට තවත් රුපියල් මිලියන 37 ක පරිත්‍යාග

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි රුපියල් මිලියන 05ක්, මහරගමධර්මායතනයේ ශාසනසේවක සමිතිය සහ වොෂින්ටන් බෞද්ධ විහාරය පිරිනැමූ රුපියල් මිලියන 05ක්, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් ද, ප්‍රංශයේ ප්‍රධාන…

COVID-19 මෙහෙයුමට ටොයොටා ලංකා සමාගමෙන්  බස් රථ 02 ක්

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි. බස් රථ 02 අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දි ටොයොටා ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,…

අත්‍යාවශය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින්  සිදුවිය යුතු බව ජනපති අවධාරණය කරයි

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන  ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක…

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරීම : ජනාධිපතිතුමාගේ පණිවිඩය

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසිවිට ඉඩ නොතබමු.   කුරිරු මතවාදයකින් වියරු වැටුණු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතනයක් කොට අදට වසරකි. මේ සාහසික අපරාධයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල  සාමාජිකයනට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත  ශ්‍රී ලංකාවාසීනට  මම මගේ සංවේගය පුද…

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිවේදනය

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.…