Month: April 2020

ජනාධිපති ලේකම්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට පිළිතුරු ලිපියක්

ජනාධිපති ලේකම්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට පිළිතුරු ලිපියක්. ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.   මහින්ද දේශප්‍රිය මහතා…

COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාග

 අරමුදලේතැන්පත්ශේෂයමිලියන517 ඉක්මවයි.   COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08)  රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරිණ.   අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය…

නවතම ඇඳිරිනීති නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන…

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලීසියෙන් රුපියල් කෝටි 06 ක පරිත්‍යාග

අරමුදලේතැන්පත්ශේෂයමිලියන 420 ඉක්මවයි.   ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම්  විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා  වෙත භාර දෙනු ලැබිණ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදලෙන් රුපියල් කෝටි 05ක් ද වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න…

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත්  රුපියල් මිලියන 66ක පරිත්‍යාග

අරමුදලේතැන්පත්ශේෂයමිලියන 380ක්දක්වාඉහළට. දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ. රුපියල් මිලියන 314ක්ව තිබූ ශේෂය දැන් රුපියල් මිලියන 380 දක්වා ඉහළ ගොස් තිබේ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රුපියල් මිලියන 10 ක් අද (06) ජනාධිපති ගෝඨාභය…

නවතම ඇඳිරි නීති නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09…

ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනය

හෙට, අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල…

බන්ධනාගාර ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති.මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ. ජනාධිපතිතුමා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා…

කොරෝනා මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට: සියලු තීරණ විශේෂඥ උපදෙස් අනුව

කොවිඩ්  – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය…

COVID 19 සෞඛය හා  සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීම් පිළිබඳ තොරතුරු හෙළි වේ

අරමුදලේතැන්පත්ශේෂයමිලියන 314 දක්වාඉහළට.   COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ. අරමුදලට සෘජුව මුදලින් හෝ චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් ගෙවීම් මාර්ගයකින් දායක වනු හැර කිසිවෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙස ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටී. රජය “සෞඛ්‍ය නිරෝධායනය” සඳහා සමස්ත ජනතාව යොමුකර…