Month: May 2020

ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිමට යයි

ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් විය. සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය. සෝමාවති පුදබිම බොහෝ අවස්ථාවල…

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂයරුපියල් මිලියන 1,213දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ. උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් ප්‍රදානය කළ රුපියල් මිලියන 25ක්  ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ.…

හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය

හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ. ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.

නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. හමුවෙන් පසුව කළ සාකච්ඡාවේදී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර…

මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. “කොව්ඩ් 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබද ඉහළ පෙළේ වීඩියෝසම්මන්ත්‍රණයට අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. රටවල්…

අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට ජනපති  අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත,ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය. අමාත්‍යවරයාගේ දේහය බත්තරමුල්ල පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට රැගෙන එන ලදී. පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මේ අවස්ථාවට…

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේය :  මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.  ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.  ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි…

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ  ශේෂය රුපියල් මිලියන 1,182 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල හැඩිගම, ශ්‍රි සුදර්ශණාරාමයාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාකියාදෙණියේ පේමරතන හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල, වෑවල, උද්යෝගිපුර, ශ්‍රි විජයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර…

එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සැකසේ

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ. හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ. වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය…

අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ  විවෘත කිරීමේ යෝජනාවක්

සියලුපියවරඅන්තර්ජාතිකසහදේශීයසෞඛ්‍යඋපදෙස්මත … අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ … සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් විවෘත කිරීම ප්‍රථමයෙන් … කොවිඩ් මර්දන කමිටුව ජනපතිට කියයි. රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි. අප්‍රේල් මස 30…