Month: May 2020

හෙට සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 අළුයම 4.00 අතර ..

හෙට, 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලිමනින්ම අනුගමනය කළ යුතුය. විෂබීජ හරණය, මුඛ ආරවණ පැළඳීම, විටින්…

අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවුඩය

රාමසාන් පණිවුඩය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමග රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන අපේ රටේ ඉස්ලාම් බැතිමතුන් වෙත මගේ සුභාශිංසන පිරිනමමි. ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළඹෙන ඊදුල් ෆීතර්, ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයකි. ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් වන අස්සවුම්…

කොවිඩ් අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා තවත් වර්ධනයට  ඉන්දු – ශ්‍රී ලංකා නායකයෝ එකඟ වෙති

අද (23) පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කළහ. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග කතා කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට…

අඟහරුවාදා සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි. මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ. හෙට, 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

ජාතිකඅධ්‍යාපනප්‍රතිපත්තියකඩිනමින් … ජාතික ආරක්ෂාවට මුල් තැන … මත්ද්‍රව්‍ය උවදුර මඩින්න උපරිම පියවර … ශාසන කතිකාවතකට පූර්ණ සහාය … බෞද්ධ උපදේශක සභාවට ජනපති කියයි. නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ…

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවලඇඳිරි නීතිය දිනපතා…

ලංගම ගොඩගන්න ජනපතිගෙන් යෝජනා මාලාවක්

මාර්ගතදබදයටපිළියමක්ලෙසPark and Drive ක්‍රමවේදයක් …. ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් රථ සේවය ප්‍රවර්ධනයකෙරේ … සේවක දිරිගැන්වීමෙන් නාස්තියට සහ හොරකමට තිත … ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම…

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ. Canowin Hotel @ SPAS (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.…

අතරමැදියන් ඉවත් කොට ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිතුමා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බව කීය. ඒ රාජ්‍ය අංශයේ…

COVID -19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල  “ඉටුකම” සන්නාමයෙන් ඉදිරියට ..

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම – COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යනුවෙන් නම්කර ඇත. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබීය. ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මැතිතුමා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා…