Month: June 2020

ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය ) ලියාපදිංචිය  කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි…

සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු ජනපති අවධානයට

සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගැටළු විමර්ශනය කොට…

උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන්  එසැණ විසඳුම්

කාල පරාස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව … අධ්‍යාපන සේවා බදු සංශෝධනයට අවධානය … සෞඛ්‍ය නිර්දේශ අනුව අත්පත්‍රිකා බෙදා හැරීමට අවසර … උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කරයි. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය…

නෛතික නිර්දේශ අනුව ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න – ජනපතිගෙන් මහබැංකුවට උපදෙස්

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙයි. ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිතුමා කියා සිටී. ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම…

ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට  ජනපති හා අගමැති එක්වෙති

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්වෙති. කොළඹ One Galleface – PVR සිනමාශාලාවේදී චිත්‍රපටය ඊයේ (28) පස්වරුවේ ප්‍රදර්ශනය කෙරිණ. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ගෙනි. ජුලි…

MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක …   

සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන. එම වෙබ් අඩවි වන්නේ, www.presidentsoffice.lk Link 1: https://www.presidentsoffice.gov.lk/index.php/2020/06/25/mcc-review-final-report-presented-to-president-2/?lang=si www.pmdnews.lk Link 1: http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/ www.president.gov.lk Link 1: https://www.president.gov.lk/si/ජනපතිට-භාරදුන්-mcc-සමාලෝචන MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල…

ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කෙරේ

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ. කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න – ජනපති කියයි

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා කියා සිටී. රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය…

ජනපතිට භාරදුන්  MCC සමාලෝචන අවසන් වාර්තාව  ජනතාව හමුවට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය…

ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන්  වසරක කාලයක්

2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් දෙයි. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි.  2017 වසර වන විට  ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය. 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලැබීය.…