Month: July 2020

ජනපතිගෙන්  වෙල්ලස්සේ උරුමය රකින වැඩපිළිවෙළක් …

 කුඹුක්කන් ඔය ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක දේපලවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. සියලු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරමින් වෙල්ලස්සේ උරුමය සුරකින වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකස් කරන බව ජනාධිපතිතුමා කියා සිටී. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට අද (31)…

ගොවිතැන අත්හළ පිරිසට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති මොරණරාගලදී කියයි

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගතහැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා කියා සිටී. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට…

ගමට ඇවිත් ජන හඬට සවන් දෙන ජනපතිට ජනතා ප්‍රසාදය

ගමින් ගමට ගොස් ජනතාව හමුවී ජනතා ගැටළුවලට සවන් යොමු කර ඊට විසඳුම් දීමේ නව සංකල්පය හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රණාමය පුද කරති. ජන රැළි වෙනුවට ආදේශ කළ  නව සංකල්පය  මුදල් නාස්තිය මෙන්ම බැනර්, කටවුට් සහ පෝස්ටර් ආදියෙන් පරිසරයට වන  හානිය ද පිටු දකී. ජනාධිපතිතුමා සැබෑ තතු අවබෝධකර ගැනීමත්, බොහෝ ප්‍රශ්නවලට එසැණ විසඳුම් ලැබීමත්…

ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන  කැලණි පුරවරයක් ගොඩනගනවා – ජනපති කියයි

මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස  අද (30) ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන වරටත් චාරිකා කරන ජනාධිපතිතුමා කැලණිය රජමහා   විහාරස්ථානයේ ප්‍රධාන තොරණ ඉදිරිපිට පැවති ජනහමුවට සහභාගීවෙමින් එසේ සඳහන් කළේය. අපේකෂක නීතිඥ සිසිර ජයකොඩි මහතා…

ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන  කැලණි පුරවරයක් ගොඩනගනවා.  –	ජනපති කියයි

මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස  අද (30) ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන වරටත් චාරිකා කරන ජනාධිපතිතුමා කැලණිය රජමහා   විහාරස්ථානයේ ප්‍රධාන තොරණ ඉදිරිපිට පැවති ජනහමුවට සහභාගීවෙමින් එසේ සඳහන් කළේය. අපේකෂක නීතිඥ සිසිර ජයකොඩි මහතා…

රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත  – ජනපති කළුතරදී කියයි

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටිති. එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව  දෛනිකව තොරතුරු වාර්තා වේ. අල්ලස, දුෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිතුමා කියා සිටී. පොදුජන පෙරමුණෙන්…

කොළඹ හදන්න ජනපතිගෙන් සැලැස්මක්

  මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘති … කසළ ප්‍රතිචක්‍රීකරණයට සහ ගංවතුර පාලනයට විශේෂ වැඩපිළිවෙළක් … දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිවාස හිඟය, කසල බැහැර කිරීමේ දුෂ්කරතා සහ ගේ දොර ජලයෙන් යටවීම දිස්ත්‍රික්කයේ ජනතාවට බලපා ඇති ගැටළු කිහිපයකි. ඒවාට විසඳුම් දෙමින්…

වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් හදනවා  – මත්ද්‍රව්‍ය තොරතුරු නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට එවන්න –  ජනපති කුරුණෑගලදී කියයි

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිතුමා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවකි. කෘෂිකර්මාන්තයට, සහ ජනජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් කර තිබේ. ඊට විසඳුම් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව…

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 ඉක්මවා තිබේ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි තවලම සංවර්ධන පදනම වෙනුවෙන් රුපියල් 50,000ක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයේ නියුතු රියැදුරන් රුපියල් 111,800 ක් අරමුදලට භාරදුන්හ. හත්වන පාබල හමුදා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ, විශ්‍රාමික ආබාධිත රණවිරු…

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග

  ජනපති, අගමැති කුරුණෑගල ජන හමුවල … පාසල් වෑන් රථ සඳහා තවත් මාස 06ක ලීසිං සහන … මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍යවරයාට නියම කරයි. වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.  ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය…