Month: August 2020

දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය  සැප්තැම්බර් 02 ඇරඹේ

රැකියාලාභීන්  කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවක්.   දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා  ඇරඹේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම  වැඩසටහනෙහි අරමුණයි. රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය.…

“ආපස්සට යන්නේ නැහැ. ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළනවා” – ජීවන වියදම් අනුකාරක සභාවට ජනපති කියයි

එළවළු සහ පොල් සෘජුව පාරිභෝගිකයා අතට.. ආර්ථික මධ්‍යස්ථාන නිවැරදි ක්‍රමවේදයකට අනුගත කිරීමට පියවර.. ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ.…

පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.

අල්ටයර් නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණ

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. වැඩ අවසන්වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක් වෙයි. බේරේ වැවට යාබද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන  ගොඩනැගිල්ලේ වැඩ 2012 වසරේ දී ඇරඹිණ. එහි බිම් මහල වර්ග අඩි 40,000කි.…

කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර අද (29) රාත්‍රී විදී සංචාරය කළේය. විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ අනුශාසනාව සහ විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියෝ ආගමික…

පරිසරයට හානි නොවන සේ ජනතා අවශ්‍ය ඉටුකරනවා –  ජනපති ලංකාගමදී කියයි

නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී … වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොකළ යුතුයි … සතියේ සත් දිනම ධාවනයට බස් රථයක් … ලංකාගම වැල් පාලම ඉවත්කර ස්ථීර පාලමක් … වන රක්ෂිතයට එක් නිවසකින් පැල 03 බැගින් පැල 2100 … පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

පොපි මල් දින පළමු පොපි මල ජනපතිට පළඳවයි

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැළඳවීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිතුමාට පළඳවනු ලැබීය. ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වර්ෂ 1944 සිට වසරක්…

මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය  පහත හෙළීමට ජනපතිගෙන් සැලැස්මක් ….

  රටට අවශ්‍ය නැව් නිෂ්පාදනයට දේශිය ආයතන … ග්‍රාමීය ප්‍රෝටීන් අවශ්‍යතාව මිරිදිය මත්ස්‍ය වගාවෙන් … විසිතුරු මත්ස්‍ය අපනයනය දිරිමත් කෙරේ … කෘත්‍රීම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන මුහුදු සීමාවේම … මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව…

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් …

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම…

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස  දිවුරුම් දෙයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී සිදු කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියහ.