Month: September 2020

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට කැප වෙනවා –    ජනපති ජෛව විවිධත්වය පිළිබඳ සමුළුවට කියයි.

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රි ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ හමුවක් අමතමින් කියා සිටී. යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය හා සිංහරාජ වැසි වනාන්තරය ස්වභාවික උරුමයන් ලෙස නම් කර ඇත. තවත් ස්ථාන 06ක් තෙත් භූමි පිළිබඳ “රම්සාර් ප්‍රඥප්තියෙන්” පිළිගෙන තිබේ. අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායක…

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් : සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව  – ජනපති නව තානාපතිවරුනට කියයි

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්.  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව. මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී…

සේවා වපසරිය හඳුනාගතහොත්, තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකියි – ජනපති පෙන්වා දෙයි.

ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් …. පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට ….   අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි…

වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස  –  ජනපති, අගමැති අවධානය ..

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති. ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව…

පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත්  සමාජගත කරන මෙහෙයුමක් …

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ. රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය…

පාසල් හා ආරක්ෂක නිල ඇඳුම් දේශීයව නිෂ්පාදනයට  ඇති හැකියාව ජනපති විමසුමට ….

  රට තුළ ජාතික සහ බෞද්ධ කොඩි නිෂ්පාදනය දිරිමත් කෙරේ ..   ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම…

ජනතාව ජීවත් කරවීම යුද්ධයක් – වගකීම මම භාර ගන්නවා – “ගම සමග පිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි

  සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකන්න … නියෝග පැහැර හරින නිලධාරීන්ට වැඩ වරදී … දින 14 නීතිය ක්‍රියාත්මකයි … හල්දුම්මුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගැටළු රැසකට එසැණ විසඳුම් … බ/කුමාරතැන්න විද්‍යාලයේ සියලු අඩු පාඩු සපුරා දෙයි … ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක්  අනාගතයට අවශ්‍යයි  – ජනපති කියයි

  ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි…

අනාගත ලොවට, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

විශ්ව විද්‍යාල විෂය නිර්දේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත යුතුයි … තාක්ෂණ විද්‍යා සහ තොරතුරු තාක්ෂණ විෂයයන්ට වැඩි අවධානයක් .. අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතුය. රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාටද ඉන් ප්‍රතිලාභ අත් විය යුතු බව  ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  ප්‍රායෝගික අවශ්‍යතාවන්ට…

28 වසරකට පසු අපනයන සංවර්ධන සභාව –  ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

අපනයනයකරුවන්ට නව වෙළෙඳපොළ … ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කෙරේ … ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නව්‍යකරණයට ..   අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙයි. 1979 අපනයන සංවර්ධන පනතින් “අපනයන සංවර්ධන සභාව” ස්ථාපනය කෙරිණ. අපනයන කරුවන් ශක්තිමත් කර ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම ඉන් අපේක්ෂා කරනු ලැබීය. ප්‍රතිපත්ති…