Month: October 2020

පොරොන්දු ඉටු කරමින්, පරිසරය රකිමින්  නෙළුව – ලංකාගම මාර්ගයේ වැඩ අවසන් අදියරට

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ‍දැන් අවසන් අදියරේ පවතී. පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ගයේ වත්මන් තත්ත්වය විමර්ශණය කොට පරිසරයට හානි නොවන අයුරින් දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් දුන්නේය. යුද හමුදා ඉංජිනේරු බලකාය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව සැප්තැම්බර්…

ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව සපයන බවට  ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයෙන් ජනපතිට සහතිකයක්

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි. ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ…

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීමට  පුරාණ චාරිත්‍රානුකූලව ජනපති නූල් පිළිගන්වයි

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ. රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර්  07 සහ 08 දෙදින  ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින…

බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කරන  ක්‍රමය යළි නියම කෙරේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.…

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP)   ජනපතිට හඳුන්වා දෙයි

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව “යෙදුමෙන්” (App) ලබා ගැනීමට පිළිවන. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්…

විශ්‍රාම යන ගුවන් හමුදාපති ජනපති හමු වෙයි ..

වසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. 2019 මැයි 29 වන දින ගුවන් හමුදාපති ධූරයට පත් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වන ගුවන් හමුදාපතිවරයායි. තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම…

නබි නායක දින පණිවිඩය

ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති. මුහම්මද්තුමා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් පරමාදර්ශය කොට ජීවත් වීම යහපත් සහ සංවර්ධිත සමාජයකට අත්තිවාරම නිර්මාණය කරන බව මගේ පිළිගැනීමය. අප අන්‍යයන් කෙරෙහි පැවතිය යුත්තේ මුහම්මද්තුමා දේශනා කළ ගුණාංග ගුරු කොට…

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළ උදව් කරන්න සූදානම් – අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රතිඥා

  විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන – ජනපති කියයි. ආයෝජන ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය … මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට සහාය … ඉන්දීය සාගරය සාම කලාපයක් විය යුතුයි … ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග…

හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ  ප්‍රථම බහාලුම ජනපතිට පිළිගැන්වෙයි

භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ඇරඹේ. ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහාලුම ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක වැඩසටහන “අපි හැදී රට හදමු” යනුවෙන් නම් කර තිබේ. දිනකට පාසල් පද්ධතියෙන් ඉවත…

ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින් …

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා…