Month: November 2020

ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම  වීඩියෝ තාක්ෂණයෙන්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය. කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ. නව තාක්ෂණය…

පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  නව රාජ්‍ය අමාත්‍ය ධූරයකට

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.…

ජනපති සහ ඉන්දීය ආරක්ෂක උපදේශක  අතර ඵලදායී සාකච්ඡා ….

ඊයේ  ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් බෙහෙවින් ඵලදායී සාකච්ඡාවක නිරත වූහ. ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී…

නව පොලිස්පති ජනපති හමු වෙයි …

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි. 1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි. මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි…

ජනපති රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක හිමියන් බැහැ දකී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා…

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට  යාන්ත්‍රණයක් සැකසේ

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ. නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති. කොවිඩ් වසංගතය…

“තාක්ෂණ” අමාත්‍යාංශය ජනපති යටතට

මහජන ආරක්ෂාවට කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් … නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතට ගැනේ. මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක,  ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද…

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක්  දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ  දිවුරුම් දුන්නේය. චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

නාපාන පේමසිරි මහ නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම, ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක්ආ- ආදාහන පූජෝත්සවයේ දී ජනපති කියයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට, රටට, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසීමට අපහසු  පාඩුවක්  බව ජනාධිපතිතුමා කියා සිටී. අද (22) පස්වරුවේ මහනුවර, කුණ්ඩසාලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික…

ජනපති ඓතිහාසික දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය. රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවීමට ජනාධිපතිතුමා මහනුවරට ගොස් සිටී. දළදා සමිඳුන් වැඳ පුදා ගත් ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග ද සුහද කථා බහක නිරත විය.