Month: December 2020

ධාවනයෙන් ඉවත් කළ ශ්‍රී ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට  එක් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ….

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ. ප්‍රවාහන නියාමන, බස්රථ…

“ගම සමග පිළිසඳර” ට – ජනපති කැබිතිගොල්ලෑවට යයි

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී අවතැන්වන්නන්ට කඩිනම් විසඳුම් දෙන්න.                                                    ජනපතිගෙන් නිලධාරීන් උපදෙස්   “කණුගහවැව ආදර්ශ ගම්මානයක්” ලෙස  සංවර්ධනය ගුවන් හමුදාවට … වැව් 21ක් සහ ඇල වේලි රැසක් කඩිනමින් පිළිසකර කෙරේ … ඉඩම් ගැටළුවටත් ඉක්මන් විසඳුම් … ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනයට පියවර … කිරි ගව පාලනයට තෘණ බිම් ……

කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න – රාජ්‍ය අමාත්‍යවරයාට හා නිලධාරීන්ට ජනපති උපදෙස්

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කෙරේ … ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි. දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීම ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක්…

සේනා දළඹු උවදුර විමර්ශණයට ජනපති වගා බිමට යයි

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සේනා දළඹුවාගෙන් වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා වගා හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති…

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම…

නත්තල් දින පණිවුඩය

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල…

බාධක සහ අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා – බෞද්ධ උපදේශක සභාවෙන් සහතිකයක්

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කරයි. රටේ අතිවිශාල ජනතාවගේ බලපාරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයකි. රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළහ. එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර…

සුවසරණ සෞඛ්‍ය අරමුදල කලුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළ  PCR යන්ත්‍රය ජනපතිට භාර දෙයි

හොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නව PCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාව උදෙසා කලුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කෙරේ. ‍ පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේ අදාළ…

පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන්

කෝට්ටේ, මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු, අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ  (23) පස්වරුවේ නිරාවරණය කෙරිණ. පන්නිපිටිය නැගෙනහිර ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමය, කෝට්ටේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරය සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධූරය සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හෙබවූ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස හිමියෝ 2019…

එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී – කොවිඩ් කමිටුවේ දී ජනපතිගෙන් තීරණයක් ….

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ. එංගලන්තයේ සිට…