Day: December 8, 2020

තිස්ස අත්තනායක ලියූ “නොකියූ කතා” ග්‍රන්ථය  ජනපතිට පිළිගන්වයි ….   

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත     “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබිණි. ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් “නොකියූ කතා” සහ “තිස්ස”…

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ…