Month: December 2020

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණ සහතිකය   ජනපතිට පිළිගැන්වෙයි

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. කොවිඩ් 19 වසංගත අවදානම සමග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කළේය. කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන…

“ගම සමග පිළිසඳර” ට ජනපති යළි ගමට යයි –  සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

රාවණාකන්දට මාර්ග 04ක් සහ පාලම් 03ක් අලුතින් …. කිතුල් සහ තේ කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන විශේෂ අවධානය … වෙද, හෙද සහ ගුරු හිඟයට පිළියම් … ඉඩම් ගැටළුවට කඩිනම් විසඳුම් …   “ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට යයි. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න සැප්තැම්බර් මාසයේ,…

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම් ….

ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි. ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරේ. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට පිළිවන. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000  සහ 50,000 අතර පිරිසට රුපියල්…

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට  කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින් සිටී. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන්…

දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය  සමග කතා බහක

“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක්…

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර ගන්න එපා – ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට …. බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක් … සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ…

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර ගන්න එපා – ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි. මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙන යන…

අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය – 2020 දෙසැම්බර් 09 අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය

දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධකයයි. සමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත්‍රයක වුවද සිදුවන දූෂණය, ආයතන ඒවායේ උපරිම ශක්‍යතාව සාක්ෂාත් කර ගැනීම වලක්වාලමින් රටේ වර්ධනයට බාධා පමුණුවයි. අධීක්ෂණ යාන්ත්‍රණ වල දුබලතා හේතුවෙන් දූෂණයට ඉඩ හසර විවර විය හැකි අර්බුද සමයන්හි දී මෙය වඩාත් ප්‍රකට ව පෙනේ. දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ…

තිස්ස අත්තනායක ලියූ “නොකියූ කතා” ග්‍රන්ථය  ජනපතිට පිළිගන්වයි ….   

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත     “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබිණි. ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් “නොකියූ කතා” සහ “තිස්ස”…

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ…