Day: January 14, 2021

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින්  විවෘත කෙරේ…

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි.…

“ආසියානු බොදු සාම සමුළුව ”  ජනපති සහභාගීත්වයෙන් ඇරඹේ ….

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණ. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රැසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජුනි මස 13 වැනි දින…

තෛපොංගල් දින පණිවිඩය

තෛපොංගල් දින පණිවිඩය අස්වනු නෙලීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන දෙමළ ජනයාගේ මුල් පෙළේ ආගමික සංස්කෘතික උළෙලකි. එය ස්වභාවධර්මය හා බැඳුණු, කෘෂිකර්මය මත පදනම් වූ පාරම්පරික ජීවන රටාව සහ භෝග වගා සරු කිරීමට උපකාරී වූ සූර්යයාට කෘතඥතාව පුද කිරීම සනිටුහන් කරයි. හින්දු ධර්මානුකූලව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය සිය අපේක්ෂා ඉටුවන…