Month: February 2021

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කෙරේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (25) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී වාර්තාව භාර දෙනු ලැබීය.

විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභා රැස්වීම අමතමින්  ජනාධිපතිතුමා කළ කතාව

විද්‍යා හා තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍රයේ දකුණු – දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනයට අප්‍රිකානු, ආසියානු සහ යුරෝපා මහද්වීපික හා ලතින් ඇමරිකානු රටවල් පුරා විසිරුණු සාමාජික රටවල් 47 ක නියෝජනයෙන් පැවැත්වෙන විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභාව ඇමතීමට ලැබීම සැබවින්ම සතුටකි. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය…

“හෙළ වෙදකමේ යටගියාව” කෘතිය ජනපතිට පිළිගන්වයි

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින් රචිත “හෙළ වෙදකමේ යටගියාව” කෘතියේ පළමු පිටපත කතු හිමියන් විසින්  අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉපැරණි හෙළ වෙදකම එහි  ස්වර්ණමය යුග සහ  වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් කෘතියේ අන්තර්ගතය. රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති,…

මුදල් සංසරණයට රුපියල් 20 නව කාසියක් …

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති…

රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි. රේගුවට එරෙහිව නැගෙන  විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරේ. තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන…

ජනපති සහ පාකිස්ථාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා – කෘෂි, වෙළෙඳ, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික…

රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස්  සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් නැහැ – ජනපති වැරදි මතය නිවැරදි කරයි

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව එතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති        ශ්‍රී…

සේවක කම්කරු ගැටළු විසඳා දෙන්නම් –  ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට උදව් වෙන්න  – ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි

“රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, සංස්ථාවල සහ මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසඳී විශාල අවුලක් බවට පත්ව ඇති ගැටළු රැසක් තිබෙනවා. වැටුප් සහ උසස්වීම් විසමතා, බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක්.  සේවකයන් වෙනුවෙන් මේ ගැටළු විසඳීමට රජය කැපවී සිටිනවා.  ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව. අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට…

පාස්කු ඉරිදා  ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ. මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වාගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන්…

පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය  ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. කර ලේන්සුව පළඳවා ජනාධිපතිතුමා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු…