Day: April 25, 2021

ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නවතී

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත

කොවිඩ් උවදුරට විසඳුම එන්නත :  රජය ඊට සූදානම් – ජනතා වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව ජනපති අවධාරණය කරයි

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ලෝක සෞඛ්‍ය…