Month: May 2021

ජුනි 07 තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට  ජනපතිගෙන් තීරණයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවියට ජංගම සේවා.. එන්නත්කරණය අඛණ්ඩව..   ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගනුලැබිණ. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා  අතරමැද තෝරාගත් දින 03ක් විවෘතව තැබීම මීට…

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර  හිඟයකින් තොරව – ජනපතිගෙන් උපදෙස්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති…

නව නීතිපති දිවුරුම් දෙයි…

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය. නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ  අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන…

“එම්වී එක්ස් – ප්‍රෙස් පර්ල් (MV X- Press Pearl) නෞකාවෙන්”  සමුද්‍රීය පරිසර පද්ධතියට විය හැකි හානිය අවම කර ගැනීමට ජනපති උපදෙසින් ක්‍රියාමාර්ග රැසක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් – ප්‍රෙස් පර්ල් නෞකාවෙන්”  සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට  වන හානිය අවම කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින…

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය,  අද සිට එන්නත්කරණයට

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද “සයිනොෆාම්” දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 05 අද (26) සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් අතර එන්නත් බෙදා හැරීමට සැලසුම් කර තිබේ. එන්නත් මාත්‍රා ලක්ෂ 05 රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන්…

අතිගරු ජනාධිපතිතුමාගේ වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

වෙසක් දින පණිවිඩය අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ අපගේ වටිනාම පුණ්‍ය මහෝත්සවයයි. සමස්ත බෞද්ධ ජනතාවම මේ උතුම් දිනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජෝපහාර පවත්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුවය. සම්බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් දෙලොව දියුණුව සඳහා කටයුතු කිරීම මෙන්ම…

හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් වූ මාර්ගගත සැලසුම්  ජනපතිට

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කෙරිණ. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ නියෝජිතයන් සමග ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ  පැවති හමුවේ දී අදාළ සැලසුම් ඉදිරිපත් කෙරිණි. පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය,…

විශ්‍රාම යන නීතිපති ජනපති හමුවෙයි

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය. දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළේය. ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි. වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

සංචරණ සීමා ජූනි 07 දක්වා  ….

මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර ….. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ ….. ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ … සංචරණ සීමා…

සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවීමට ජනපතිගෙන් තීරණ රැසක්

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී  ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසකට එළැඹෙයි. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිතුමා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය. සංචරණ සීමා පැනවෙන කාලය තුළ…