Month: June 2021

ජනපති දළදා සමිඳු වැඳ මහ නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (26) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විචාළේය. උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඡායනා…

ශ්‍රී ලංකාවේ එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලෝක බැංකුවේ ප්‍රසාදය…

  රෝහල් මගින් එන්නත්කරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්..   කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය පළවේ. එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන අතරින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පළමුවෙන්ම ලෝක බැංකු අනුමැතිය ලද ආයතනය බවට පත්වී ඇතැයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමණි, ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි. අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන 180 කට මේ රෝගය වැලඳී තිබෙනවා. මිලියන 3.9 කට ආසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා. මුල් කාලයේ බරපතල ලෙස…

පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඩ් මර්දන  වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්

කැලණිය, බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ රුපියල් මිලියන 15ක් වටිනා කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කරති. උන්වහන්සේ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම උපකරණ සංකේතාත්මකව භාරදුන්හ. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යන…

පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන්

මිහින්තලා පුදබිම ජනපති සුරතින් ඒකාලෝක වෙයි.. පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (24) ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්විණ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයට වසර 2329 ක් සපිරෙන මෙවර පොසොන් පොහොයේ තේමාව “ලොව සෑම දෙනා  සුවපත් වේවා” යන්නයි.  මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 21 සිට 27 දක්වා සැමරෙන පොසොන් සතිය තුළ රතන සූත්‍ර දේශනාව, ධර්ම…

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය හෙට (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

අතිගරු ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවිඩය

පොසොන් පොහොය දින පණිවිඩය උතුම් ථේරවාදී සම්බුද්ධ දේශනාව රැගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම සිහිපත් කෙරෙන පොසොන් පොහොය. ශ්‍රී ලාංකේය සැදැහැවත් බෞද්ධයන්ගේ සදානුස්මරණීය වටිනාම දිනයයි. ලොව්තුරා තථාගත බුදුපියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අර්ථවත් කර මිහිඳු මහරහතන් වහන්සේට කෘතවේදීත්වය පළ කිරීම අප අනාදිමත් කාලයක පටන් සිදු කරන්නකි. දේවානම්පියතිස්ස මහ රජු…

21 සිට සංචරණ සීමා ලිහිල් කෙරේ

පළාත් අතර සංචරණ සීමා තවදුරටත්… කොවිඩ් නොවන මරණ, පැය 24ක් තුළ අවසන් කටයුතු කිරීමට අවසර… ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ  සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා…

සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට – ඉන්දීය සහාය

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිදායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ. රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනයරජයේ ප්‍රමුඛ සැලසුමකි. අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලියවෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ.…

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.