Archives

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ …..

  විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ. රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු…

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයි – ජනපති ඉල්ලා අස්වීම පිළිගනී ….

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි. ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය.

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත. ජනාධිපති ලේකම් පී.බී.…

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 15 වනදා වැඩ භාර ගැනීමට නියමිතය. ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට…

වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ දැනුවත් කිරීම

වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ 2021-09-11 වන දින ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කළ දැනුම්වත් කිරීමේ නිවේදනයයි. ආයුබෝවන්! රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් අදහස පිළිබඳව…

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා ….

ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර … පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය … රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත… මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු…

එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට ජනපති එක් වෙයි

සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට…

මහජන ආරක්ෂක ආඥා පනතේ 5වන වගන්තිය ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකියි

වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි…

පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් 04ක් පරීක්ෂාවට

පොළොන්නරුව ප්‍රධාන සහල් මෝල් 04ක් අද (03) පෙරවරුවේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතාගේ පරීක්ෂාවට ලක් කෙරිණි. නිපුන, අරලිය, ලත් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එම සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෙන තිබේ. සහල් මොල් හිමියන් නිකුත් කරන…

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා

  එන්නත්කරණය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලු පාර්ශ්වයන්ට ජනපතිගෙන් පැසසුම් ….   වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත ….   මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය  ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු…