මහ කන්නයට පොහොර හිඟයකින් තොරව – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
මහ කන්නය කෘෂි ඉතිහාසයේ වගා පෙරළියකට සූදානම් … කාබනික පොහොර දායකත්වය 25% දක්වා … පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනයට සැලසුම් … මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල…
තේ කර්මාන්ත සංවර්ධනය පැතිකඩ කිහිපයකින් – යෝජනා රැසක් ජනපති විමසුමට.
පාඩු ලබන වතු සමාගම් ප්‍රතිව්‍යුහකරණයට … ඉහළ ඵලදායිතාවක් සඳහා නැවත වගාවට ප්‍රමුඛත්වය … තේ පර්යේෂණ නව මගකට … බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක…
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට – ජනපති තීරණය කරයි
ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට රුපියල් මිලියනයක් 4%ක පොළියට .. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. 1971 වසරේ සිට…
ආරක්ෂක ලේකම් ලියු කෘති 02ක් ජනපති අතට ….
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “පාතාලයෝ” නවකතාව සහ “ගෝඨාභය” ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබීය. සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොටගෙන “පාතාලයෝ” නවකතාව රචනා කර තිබේ. “ගෝඨාභය” සිංහල කෘතිය පසුගිය වසරේ එළිදුටු අතර මෙවර එහි ඉංග්‍රීසි අනුවර්තනය එළිදැක්විණ. කෘති ද්විත්වය දොරට වැඩුම අද (06) පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයීය…
කොවිඩ් 19, මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාව සනාථ කළා – ජනපති නවක වෛද්‍යවරුන් හමුවේ කියයි
සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ප්‍රතිඥා … ග්‍රාමීය ජනයාට සුව සේවා සැලසීමට නව ප්‍රවේශයක් … ජනතාවට අවශ්‍ය සංවර්ධනය ; නිදහසට හේතු නොවේ … වසංගතය පාලනයට දායක වූ සියලුදෙනාට ප්‍රණාමය … කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති…
2025 අවසානයට පෙර රටේ සියලු නිවාසවලට පානීය ජලය.. සැලැසුම ජනපති විමසුමට.
ප්‍රජා ජල ව්‍යාපෘති ඉහළ ප්‍රමිතියකට … මාර්ග ඉදිකිරීම ජල සම්පාදනය සමග ඒකාබද්ධව … 2025 අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි. ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා…
කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි.
බඩ ඉරිඟු අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට පියවර … කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි. උක්,…
ගැඹුරින් සිතා බලා කළ පත්වීම් බලපෑම් හමුවේ වෙනස් කිරීමට අදහසක් නැහැ – ජනපති කියයි
මෑතකදී ජනාධිපතිතුමා සහ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි. එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව…
ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනයට. ඉඩම් සංවර්ධනයෙන් පසු වෙනත් පාර්ශ්වයන්ට පැවරීමට බැහැ. ප්‍රයෝජනයට නොගත් LRC ඉඩම් සංවර්ධනට පියවර. තරුණ ව්‍යවසායකයන්ට ඉඩම්. ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක්…
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. විනාඩි 25කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට රජය…