ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින් …
දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා…
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. මිහිඳු මහා රහතන්වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වැනි මිහිඳු පුර අටවක පොහොය ඊයේට (23) යෙදී තිබිණ. එය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අද (24) පස්වරුවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ…
“ගම සමග පිළිසඳර” පල දරයි – හිඹිලියාකඩ සංවර්ධනය ඇරඹේ
ඉඩම් ඔප්පු ගැටළුවටත් විසඳුම් … මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ…
රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ
පළමු වටයේදී 34,818කට පුහුණුව …. සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි. පත්වීම් ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබේ. ජාතික ආධුනිකත්ව…
මදුරන්කුලිය ජනතාව ජනපතිගෙන් කළ ඉල්ලීම් ඵල දරයි ….
මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ ඉල්ලීම් ඉටු කරනු වස් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණ. ජනාධිපතිතුමා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී…
ගොවියාට ඉහළ මිලක් : පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණයට ජනපති අවධානය
ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජීවන වියදම් කමිටුව සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ…
ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1659 දක්වා ඉහළට …
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් රුපියල් මිලියන 1659 ඉක්මවා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් 82,906.97ක්, ආර්.ජී.අයි. සිතුමිණි බණ්ඩාර දියණිය රුපියල් 6,000ක්, ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සුබසාධක සංගමය රුපියල් 100,000ක් සහ ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් 2,500,000ක් අරමුදලට පරිත්‍යාග කර ඇත. අදාළ පරිත්‍යාග…
අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු ඉවතට…
වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.
මහජනතාවට තැපෑල සහ දුරකථන ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව
කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක ඔස්සේ…
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දිගටම උදව් : චීනය ජනපතිට සහතික වෙයි
ශ්‍රී ලංකාව සමග සබඳතා ජනපති ෂී ගේ ප්‍රමුඛතාවක් …. ජගත් වේදිකාවල ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා … වරාය නගර ව්‍යාපෘතිය නිම කිරීම කඩිනමින් … චීනයට සමාන සංවර්ධනයක් මව්බිමට උදා කිරීම මගේ ඉලක්කය. ජනපති රාජපක්ෂ කියයි. වෙළෙඳ හිඟය අඩු කිරීමට සහාය වෙන්න … ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට…