Category: පණිවුඩ

විනෝද චාරිකා, වන්දනා සහ විදේශීය සංචාරක කණ්ඩායම්වල  ගමන් බිමන් වහාම තහනම් කෙරේ

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ. මහජනයා විශාල වශයෙන් එක් රැස්වීම රෝග ව්‍යාප්තියට හේතුවන බව දැනුම් දී තිබුණ ද විදේශීය සංචාරකයන් කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන් බිමන්…

අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කර

මහා ශිව රාත්‍රී පණිවුඩය

ලොව පුරා හින්දු ලබ්ධිකයන් උපවාස ශීලය සමාදන් වී මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සලකුණු කරන මහා ශිව රාත්‍රී දින උළෙලට පේවී සිටිනශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන් සමඟ මම ද සතුටින් එක්වෙමි. හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවවලින් එකක් වන මහා ශිව රාත්‍රිය පුරා සිදුකරන අනේකවිධ ආගමානුකූල ක්‍රියාකාරකම් තුළින් මිනිසා තුළ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපති ලෙස 72 වන නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතා මා විසින් කරන ලද කතාව

අති පූජනීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලාගෙන් ද අවසරයි ගරු අග්‍රාමාත්‍යයතුමනි, ගරු කථානායකතුමනි, ගරු අග්‍රවිනිශ්චයකාරතුමනි, ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ගරු ආණ්ඩුකාරවරුනි, ගරු තානාපතිවරුනි, මහ කොමසාරිස්වරුනි. ජනාධිපති ලේකම්තුමා ප්‍රධාන සියලූම රාජ්‍ය නිලධාරීනි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපතිතුමනි, නාවික හමුදාපතිතුමනි, ගුවන් හමුදාපතිතුමනි, පොලිස්පතිතුමනි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි ආරාධිත අමුත්තනි, රණවිරුවනි,…

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ ඇරඹේ

අයැදුම්පත් ආකෘතිය ජනවාරි 20 පුවත්පත්වල සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වනදා සිට දින 05 ක් තුළ … තෝරාගත් අයැදුම්කරුවන්ට මාස 06 ක පුහුණුවක් … පුහුණු කාලය තුළ මසකට රු 22,500 ක දීමනාවක් … පුහුණුවෙන් පසු ඔක්තෝබර් 01 වනදා සිට රජයේ ස්ථීර රැකියා … ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග…

තෛපොංගල් පණිවුඩය

ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ‍්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි. කෘෂිකර්මය මූලික කොට ජීවනෝපාය සලසා ගන්නා සියලූ දෙනා මෙදින සූර්ය වන්දනාව සිදුකර සූර්ය දෙවියන්ට කෘතගුණ දක්වමින් අභිවෘද්ධිය භක්ති පූර්වකව අපේක්‍ෂා කරති. තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත…

ප්‍රවෘත්ති නිවේදනය

සාධාරණ වෙළඳාම සහ තරගකාරී භාවිතයන්ට අනුගත නොවීම 2019 දෙසැම්බර් 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලබා දී ඇති බදු ප්‍රතිලාභ විශේෂයෙන් සිල්ලර, තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩු කිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයා වෙත ළඟා නොවන බවට මහජනතාවගෙන් ජනාධිපති කාර්යාලයට අඛණ්ඩව පැමිණිලි ලැබෙන අතර ඒ සම්බන්ධ ප්‍රවෘත්ති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද නිරන්තරව…

ආචාර්ය ජයලත් මනෝරත්න විශිෂ්ඨ රංගධරයාගේ අභාවය පිළිබඳ ජනාධිපතිතුමන්ගේ ශෝක පණිවුඩය

  ශෝක පණිවුඩය ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණයට සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණ නාට්‍යවේදියකු වූ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් සංවේගයට පත් ඔහුගේ රසික සමූහයා සමග මම ද සංවේගයෙන් යුතුව එක්වන්නේ ඔහුගේ කලා කෘති රසවිඳි අතීත මතකය ද සමගිනි. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සෙවනෙහි සිය නිසග කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් ශ්‍රී ලාංකේය වේදිකාව රංගනයෙන් හා නිර්මාණ…

නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

නව වසර උදාවූයේ සමස්ත ශී‍්‍ර ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප‍්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දකිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවය. අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත්…

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා අත්අඩංගුවට

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි. හමුදා සේවයෙන්…