Category: පණිවුඩ

ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත. අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබුණි. ජනාධිපතිතුමා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත…

නත්තල් පණිවුඩය

ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප‍්‍රීතියක් දනවයි. නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීමයි. ඒ සඳහා ජීවිත ආවර්ජනයෙන් පාපී සිතුවිලි සම්පූර්ණයෙන් බැහැර කොට ප්‍රේමයෙන් හා දයාවෙන් හදවත් පුරවා ගත යුතුය. ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වාදුන් අධ්‍යාත්මයේ මග අප…

ආබාධ සහිත තැනැත්තන්ගේ අන්තර් ජාතික සැමරුම් දිනය නිමිත්තෙන්  අතිගරු ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩය

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය ආබාධිත තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමඟින් මෙවර අප සමරනු ලබන්නේ ආබාධ සහිත පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිණිස ලබා දෙන සුවිශේෂී දායකත්වය ඉතා ගෞරවාන්විතව සහ හෘදයාංගමව සිහිපත් කරමිණි. 2019 ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර හඳුන්වා දී ඇති තේමාව වන්නේ “ආබාධ…