හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ දේහයට  ජනපති අවසන් ගෞරව දක්වයි

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව පුද කොට සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් ද තැබීය.

මාෂල් පෙරේරා මහතාගේ බිරිඳ වන දයා ධර්මබන්දු මහත්මියට, පුත් හිටපු අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතාට සහ දියණිය කිසෝලි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ට සහ දේශපාලන සමීපතමයන්ට ජනාධිපතිතුමා සිය  සිය සංවේගය පළ කළේය.

Share This Post