නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාම්ප්රදායික ලෙස අද දින දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කටයුතු කරන ලදි.
එහිදී දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු විසින් එතුමා පිළිගන්නා ලදි.
ජනාධිපතිතුමා මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මෙන්ම රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
