සිංගප්පූරුවේ පරිත්‍යාගශීලින්ගෙන් COVID-19 මර්දනයට සෞඛ්‍ය උපකරණ තොගයක්

සිංගප්පූරුවේ පරිත්‍යාගශීලින්ගෙන් COVID-19 මර්දනයට  සෞඛ්‍ය උපකරණ තොගයක්

සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති සහ ලංකාරාමාධිපති පූජ්‍ය කේ. ගුණරතන හිමි,  ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ සංගමයේ විධායක අධ්‍යක්ෂ Chang Kwang, විශේෂ උපදේශක Hssan Ahmad මහත්වරුන් COVID-19 මර්දනයට පරිත්‍යාග කළ සෞඛ්‍ය උපකරණ තොගයක් අද (16) ජනාධිපති කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.

පෞද්ගලික ආරක්ෂිත උපකරණ සහ උෂ්ණත්ව මානවලින් සමන්විත මෙහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික වේ.

විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු  උපකරණ තොගය භාරගත්හ.

 

Share This Post