අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදය සමග ආර්ථික නිදහස

Sorry, this entry is available only in සිංහල. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නැහැ

ජනපතිගෙන් ප්‍රතිඥා …

මතයක් දැරීමට, පළ කිරීමට, සිතීමට සහ ලිවීමට පූර්ණ නිදහස
ජනතාව මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවතට …
ජීවත්විමේ නිදහස උදෙසා ආර්ථික ගැටලුවලට පිළියම් …
ලෝක ආර්ථික ප්‍රවණතා සමග රට ඉදිරියට …

සුරක්ෂිත ජීවිතයකට, ස්වාධීන මතයක් දැරීමට සහ පළ කිරීමට හා නිදහසේ සිතීමට සියලුදෙනාට ඇති අයිතිය සුරකින අතර, ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

අද ( 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ පැවති 72 වන ජාතික නිදහස් දින උළෙලේ දී ජාතිය අමතා කථා කළ ජනාධිපතිතුමා තමා සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා බවත්, ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් උපරිමයෙන් කැපවී සේවය කිරීමට සූදානම් බවත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම පිණිස තුලනය කළයුතු ක්ෂේත්‍ර ගණනාවක් ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. “විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බල තුලනය ඉතාම වැදගත්. බලය බෙදාහැරීමේ දී මධ්‍යම රජයේ සහ විමධ්‍යගත වගකීම් ගැන නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි. පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමුහික අයිතිවාසිකම් ද ඇති බව අමතක කළ යුතු නැහැ” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය.

සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිවිය යුතු වුවද අදත් අපේ ජන සමාජයේ විශාල ඇති නැති පරතරයක් පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නගරවල ඇති පහසුකම් ගම්වල නැත. අධ්‍යාපන පහසුකම් සෑම ප්‍රදේශයකම සමාන නොවේ. සෞඛ්‍ය පහසුකම් සහ රැකියා ඉඩ ප්‍රස්ථා ද එසේය. ඊට පිළියම ආර්ථික ගැටලු විසඳීම බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

“ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන්ගෙන් ජන ජිවිතයට බලපෑමක් වන්නේ නම් රටේ සැබෑ නිදහසක් නැත. රට පුරා පැතිර තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැත. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැත”. එබැවින් ජන ජිවිතයට බලපාන සියලු සමාජ උවදුරු තුරන් කිරිමට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව කී ජනාධිපතිතුමා ඒ සදහා ආරක්ෂක අංශ දැනටමත් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි කීය.

විරුද්ධ මත ඉවසීමට මගේ රජය හැමවිටම සූදානම්.සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරමින් සිටී. මත ප්‍රචාරයේ දි හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකරන්නැයි ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

Share This Post